ඔබ කලයුත්තේ කුමක්ද?
Sign Up
මුලින්ම ඔබ අපගේ වෙබ් අඩවියට ලියාපදිංචි විය යුතුය. මෙහිදී ඔබගේ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව ගබඩා කෙරෙන අතර, විශ්වසනීය අන්තර්ගතයක් සහතික කිරීම සඳහා ඔබගේ අනන්‍යතාවය පරීක්ෂා කෙරේ. මෙහිදී ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු, අධ්‍යාපනික හා වෘත්තීය පසුබිම, සංස්කෘතික අගයන් සහ අනාගත අපේක්ෂා ඇතුළත් කරමින් විස්තරාත්මක මංගල යෝජනාවක් සකස්කල හැකිය. එයට ඔබගේ ඡායාරූපද ඇතුළත් කළ හැකිය.
Search & Match
අපගේ වෙබ් අඩවිය මගින් මීලගට ඔබගේ අවශ්‍යතා, ආගම්, වයස් සහ විවිධ සමානකම් අනුව ගැලපෙන යෝජනා ලැයිස්තුගත කරයි. මෙහිදී ඔබගේ කැමත්ත මත අදාල මංගල යෝජනා සෙවිය හැකිය. ඔබ කැමති යෝජනාව හමුවූ පසු, පද්ධතිය ආරක්ෂිත චැට් පැනලයක් හරහා සන්නිවේදනය ආරම්භ කිරීමට අවසර දෙයි. මුල් අවධියේදී පුද්ගලික තොරතුරු ප්‍රකාශ නොකෙරේ.
Successful Connection
දෙපාර්ශවයම එකඟ වූ පසු, විවාහ ගිවිසුම් හෝ සම්බන්ධතාවයන් පිළිබඳ අපගේ වෙබ් අඩවිය සාර්ථක කතා ලෙස පළ කරනු ලබයි. සෑම අදියරකදීම, පරිශීලක දත්ත ආරක්ෂිතව තබා ගනු ලබන අතර, අනවසර අන්තර්ගතයන් හෝ හැසිරීම් වාරණය කෙරේ. ගෞරවනීය සන්නිවේදනයන්ට පමණක් ඉඩ දෙනු ලැබේ.