Frequently Asked Questions - Support & Safety | Mangalam.lk

Mangalam.lk
Loading Faq...
Help Center

පොදුවේ අසන ප්‍රශ්න (FAQ)

ඔයාට තියෙන ඕනෑම ගැටලුවකට මෙතනින් ඉක්මනින් පිළිතුරු හොයාගන්න පුළුවන්. අපි ඔයාට උදව් කරන්න හැමවෙලේම ලෑස්තියි.

සාමාන්‍ය විස්තර (General)

Mangalam.lk කියන්නේ ඔයාට ගැලපෙන සහකරු හෝ සහකාරිය හොයාගන්න උදව් කරන විශ්වාසවන්තම තැනක්. මෙතනදී ඔයාට ඔයාගේ විස්තර දාලා ප්‍රෝෆයිල් එකක් හදාගන්න, අනිත් අයව සර්ච් කරන්න, සහ මැසේජ් හරහා කතා කරන්න පුළුවන්. ඒ වගේම කේන්දර ගැලපීම් වගේ දේවලුත් අපි කරලා දෙනවා.

ඔව්, අනිවාර්යයෙන්ම. අපි ඔයාගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඔයාගේ ෆෝන් නම්බර් එක වගේ දේවල් පෙන්වන්නේ ඔයා කැමති අයට විතරයි. ඔයාගේ දත්ත ඉතාමත් ආරක්ෂිතව අපේ සිස්ටම් එකේ තියෙනවා.

වෙබ් සයිට් එකේ උඩ තියෙන "ලියාපදිංචි වන්න" (Register) බටන් එක ක්ලික් කරලා, ඔයාගේ මූලික විස්තර ඇතුළත් කරන්න. ඊට පස්සේ ඊමේල් එක වෙරිෆයි කරලා, ඔයාගේ පින්තූර සහ අනිත් විස්තර දාලා ප්‍රෝෆයිල් එක සම්පූර්ණ කරන්න.

ලියාපදිංචිය සහ ප්‍රෝෆයිල් (Registration)

සාමාන්‍යයෙන් පැය 24-48 අතර කාලයක් ඇතුළත අපි ඔයාගේ ප්‍රෝෆයිල් එක පරීක්ෂා කරලා වෙරිෆයි කරනවා. Premium මෙම්බර් කෙනෙක් වුණොත් පැය 12ක් වගේ කෙටි කාලයකදී මේක කරගන්න පුළුවන්.

ඔව්, ඔයාට ඕනෑම වෙලාවක ඔයාගේ Dashboard එකට ගිහින් "ප්‍රෝෆයිල් එක සංස්කරණය කරන්න" (Edit Profile) කියන තැනින් විස්තර වෙනස් කරන්න පුළුවන්.

Basic මෙම්බර් කෙනෙක්ට පින්තූර 5ක් දාන්න පුළුවන්. Premium නම් පින්තූර 10ක් සහ Gold මෙම්බර්ස්ලට පින්තූර 20ක් දක්වා දාන්න පහසුකම් තියෙනවා.

සෙවීම සහ ගැලපීම (Search & Matching)

අපේ Advanced Search එක පාවිච්චි කරලා වයස, ආගම, අධ්‍යාපනය, රැකියාව සහ පදිංචි ප්‍රදේශය වගේ දේවල් අනුව ඔයාට ගැලපෙන අයව පහසුවෙන් හොයාගන්න පුළුවන්.

මේක අපේ පැරණි ක්‍රමවේදයක්. ඔයාගේ උපන් දිනය, වෙලාව සහ උපන් ස්ථානය අනුව සහකරුවාගේ කේන්දරය එක්ක කොච්චර දුරට ගැලපෙනවද කියලා අපේ ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීන් පරීක්ෂා කරලා දෙනවා.

අපි මේ සඳහා ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීන්ගේ සහය ලබාගන්නා නිසා ඉතාමත් සාර්ථක මට්ටමක තියෙනවා. හැබැයි අපි හැමවෙලේම උපදෙස් දෙන්නේ කේන්දර ගැලපීමට අමතරව දෙන්නා අතර තියෙන අවබෝධය ගැනත් හිතන්න කියලා.

සම්බන්ධතා (Contact)

ඔයා කැමති කෙනෙක්ට "Contact Request" එකක් යවන්න පුළුවන්. ඒ අය ඒක පිළිගත්තට පස්සේ ඔයාලට අපේ සයිට් එක හරහාම මැසේජ් කරගන්න පුළුවන්.

කවුරු හරි ඔයාගේ ප්‍රෝෆයිල් එක බැලුවොත්, Save කරගත්තොත් හෝ Contact Request එකක් එව්වොත් ඒ වෙලාවෙම ඔයාට Notification එකක් ලැබෙනවා.

ගෙවීම් සහ පැකේජ (Payments)

ඔබට අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර (Bank Transfer / Deposit), එම ගෙවීම් රිසිට්පත (Slip) වෙබ් අඩවියට උඩුගත කිරීමෙන් ඔබගේ පැකේජය සක්‍රිය කරගත හැක. අපගේ බැංකු ගිණුම් විස්තර සහ QR කේතය Checkout පිටුවේ සඳහන් වේ.

අපිට Basic (රු. 990), Standard (රු. 1,490) සහ Premium (රු. 2,990) කියලා පැකේජ වර්ග 3ක් තියෙනවා. වැඩි විස්තර අපේ Pricing පේජ් එකෙන් බලන්න පුළුවන්.

ඔව්, ඔයාට ඕනෑම වෙලාවක පැකේජය කැන්සල් කරන්න පුළුවන්. එතකොට පැකේජය අවසන් වෙන දිනය වෙනකල් ඔයාට පහසුකම් පාවිච්චි කරන්න ලැබෙනවා.

තවමත් ප්‍රශ්නයක් තියෙනවාද?

ඔයාට අවශ්‍ය පිළිතුර මෙතන නැත්නම්, කරුණාකර අපේ සහාය කණ්ඩායම අමතන්න. අපි ඔයාට උදව් කරන්න හැමවෙලේම සූදානම්.

අපිට මැසේජ් එකක් දාන්න
WhatsApp සහාය