"Mangalam.lk" මංගල යෝජනා සේවාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපගේ වෙබ් අඩවිය ඔස්සේ සේවාවන් ලබා ගැනීමට පෙර පහත සඳහන් නියමයන් සහ කොන්දේසි හොඳින් කියවා තේරුම් ගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සේවාව භාවිතා කිරීමෙන් ඔබ මෙම කොන්දේසි වලට එකඟ වන බව පිළිගැනේ.
1. සාමාජිකත්වය සහ සුදුසුකම්
- අපගේ සේවාව ලබා ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අයෙකු විය යුතුය.
- ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු අතර, විදේශගතව සිටී නම් ලංකාවේ සිටින වගකිවයුතු භාරකරුවෙකු සිටිය යුතුය.
- විවාහ වීම සඳහා කිසිදු නීතිමය හෝ සමාජීය බාධාවක් නොමැති පුද්ගලයෙකු විය යුතුය.
2. තොරතුරු වල නිරවද්‍යතාවය සහ වගකීම්
- ඔබ විසින් වෙබ් අඩවියට ලබාදෙන ජාතික හැඳුනුම්පත් අංක, දුරකථන අංක, ඡායාරූප සහ අනෙකුත් සියලුම විස්තර 100% ක් සත්‍ය ඒවා විය යුතුය. ව්‍යාජ තොරතුරු සැපයීම සපුරා තහනම් වේ.
- අනෙකුත් සාමාජිකයින් සපයා ඇති තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම ඔබගේ පෞද්ගලික වගකීමක් වන අතර, යම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට පෙර ඒ පිළිබඳව තහවුරු කරගන්න.
- මෙම වෙබ් අඩවිය හරහා හඳුනාගන්නා පුද්ගලයින් සමග මුදල් ගනුදෙනු කිරීම හෝ පෞද්ගලික සම්බන්ධතා ඇති කරගැනීම ඔබගේ පෞද්ගලික කැමැත්ත මත සිදුවන්නක් බැවින් ඒ සඳහා Mangalam.lk ආයතනය කිසිදු වගකීමක් දරන්නේ නැත.
3. ගෙවීම් සහ මුදල් ප්‍රතිපත්තිය (Payment & Refund Policy)
- අපගේ Premium පැකේජයක් මිලදී ගැනීම සඳහා ඔබ සිදුකරන ගෙවීම් නැවත ලබාදෙනු නොලැබේ (Non-refundable).
- යම් හෙයකින් ඔබ අපගේ නියමයන් කඩකිරීමක් නිසා ඔබගේ ගිණුම අවහිර (Ban) කළහොත්, ඔබ ගෙවා ඇති මුදල කිසිදු හේතුවක් මත ආපසු ලබාදෙන්නේ නැත.
4. සේවාව අත්හිටුවීම සහ ගිණුම් ඉවත් කිරීම
- ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම, අනෙකුත් සාමාජිකයින්ට හිරිහැර වන අයුරින් හැසිරීම හෝ අපගේ නීති කඩකිරීමක් සිදුකළහොත් පූර්ව දැනුම්දීමකින් තොරව ඔබගේ ගිණුම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට Mangalam.lk ආයතනයට පූර්ණ බලය ඇත.
- සාර්ථක මංගල යෝජනාවක් හේතුවෙන් හෝ වෙනත් පෞද්ගලික හේතුවක් මත ඔබගේ ගිණුම ඉවත් කරගැනීමට අවශ්‍ය නම්, කරුණාකර අපගේ පාරිභෝගික සේවාවට දැනුම් දෙන්න.
6. සයිබර් ආරක්ෂාව සහ අන්තර්ගත පාලනය (Online Safety)
- 2024 අංක 9 දරන ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ පනත (Online Safety Act) අනුව, මෙම වෙබ් අඩවිය තුළ අසභ්‍ය, අපහාසාත්මක හෝ වෙනත් පුද්ගලයෙකුට හිරිහැරයක් වන ආකාරයේ අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම සපුරා තහනම් වේ.
- ඕනෑම සාමාජිකයෙකුට තවත් සාමාජිකයෙකුගේ ප්‍රෝෆයිල් එකක ඇති අහිතකර අන්තර්ගතයක් පිළිබඳව "Report Profile" පහසුකම ඔස්සේ අප වෙත දැනුම් දිය හැකිය.
- එසේ ලැබෙන පැමිණිලි පැය 24-48 අතර කාලයකදී සමාලෝචනය කර අදාළ අන්තර්ගතයන් ඉවත් කිරීමට හෝ ගිණුම තාවකාලිකව අත්හිටුවීමට අපි පියවර ගන්නෙමු.
7. බුද්ධිමය දේපල සහ දත්ත ආරක්ෂාව
- මෙම වෙබ් අඩවියේ ඇති වෙනත් කිසිදු සාමාජිකයෙකුගේ ඡායාරූප හෝ තොරතුරු පිටපත් කිරීම (Screen capture/Download) නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
- ඔබගේ දත්ත වල රහස්‍යභාවය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කරුණාකර අපගේ Privacy Policy පිටුව කියවන්න.
මෙම ගිවිසුම්ගත කොන්දේසි පූර්ව දැනුම්දීමකින් තොරව යාවත්කාලීන කිරීමේ සම්පූර්ණ අයිතිය Mangalam.lk සතුවේ.